කොරොනා වසංගතයේ බලපෑමෙන් බොහෝ රටවල වැටුප් මට්ටම පහළ යාම හෝ වර්ධනය මන්දගාමී වීම හෝ සිදුව ඇතැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියයි
2020-12-03 10:26:07
Share with:

නව කොරොනා වසංගතයේ බලපෑමෙන් බොහෝ රටවල සාමාන්‍ය වැටුප් මට්ටම පහළ යාම හෝ වර්ධනය මන්දගාමී වීම හෝ සිදුව ඇතැයි  ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවක් පෙන්වා දෙයි.

මෙම වසරේ මුල් මාස හය තුළ සංඛ්‍යාලේඛනයට ලක් කෙරුණු රටවල්වලින් තුනෙන් දෙකක මාසික සාමාන්‍ය වැටුප් මට්ටම පහළ යාම හෝ වර්ධනය මන්දගාමී වීම යන තත්ත්වයක පවතී. වසංගතයෙන් කාන්තා ශ්‍රමිකයින්ට එල්ල වූ බලපෑම් පූරුෂ ශ්‍රමිකයින්ට වඩා කැපී පෙනෙන බව ද අදාල වාර්තාව සඳහන් කරයි.

අඩු ආදායම ලාභීන් බරපතල බලපෑමකට ලක් වී ඇත. අවම නිපුණතාවන් අවශ්‍ය වන රැකියාවල නියුක්තිකයින්ගේ රාජකාරී කාලයේ අඩුවීම, ඉහළ ආදායම් ලබා ගත හැකි පාලන හා යම් වෘත්තීය රැකියා නියුක්තිකයින්ට වඩා අධිකය. වසංගතයෙන් අසමානතා උග්‍ර වී තිබෙන බව එම වාර්තාව නිකුත් කිරීමෙන් පසු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් Guy Ryder මහතා පැවසීය. ජනතාවට මූලිකත්වය ලබා දීම එක් එක් රටවල පුනර්ජීවන ක්‍රියාමාර්ගයට ඇතුළත් විය යුතු බව ද ඔහු පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන