ඇෆ්ගනිස්ථානයේ ඔස්ට්‍රේලියානු සොල්දාදුවන්ගේ අවිචාරවත් ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා දක්වන ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාව දුක්බර විහිළුවක් බවට පත් කරයි
2020-12-02 19:23:57
Share with:

ඇෆ්ගනිස්ථානයේ ඔස්ට්‍රේලියානු සොල්දාදුවන්ගේ අවිචාරවත් ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රතික්‍රියා දක්වන ඔස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාව දුක්බර විහිළුවක් බවට පත් කරයි

නිරායුධ සිවිල් වැසියන් සහ සිරකරුවන් ඇතැම් ඔස්ට්‍රේලියානු සොල්දාදුවන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇති නමුත් මෙම ඔස්ට්‍රේලියානු සොල්දාදුවන්ට බොහෝ විට නීතිවිරෝධී ඝාතන ගැන කීර්තියක් දැනිණ.

පසුගියදා ඔස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇෆ්ගනිස්ථානයේ ඔස්ට්‍රේලියානු සොල්දාදුවන්ගේ අවිචාරවත් හා මානව විරෝධී ක්‍රියා පිළිබඳ විමර්ශන වාර්තාවක් නිකුත් කළේය. 14 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකුගේ උගුර කපා ගඟට විසි කිරීම වැනි කුරිරු බිහිසුණු අවිචාරවත් හා මානව විරෝධී ක්‍රියා ජාත්‍යන්තර ප්‍රජාව විසින් දැඩි ලෙස හෙළා දැක තිබේ.

තම රටේ සොල්දාදුවන් විසින් සිදුකරන ලද බරපතළ අපරාධවලට මුහුණ දෙමින් ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් සමාව අයැද සිටියේ නැත. ඒ වෙනුවට, ඔහු චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් විසින් ඔස්ට්‍රේලියානු හමුදාවේ කුරිරුකම් හෙළා දකින කාටූනයක් සමාජ මාධ්‍යවල පළ කිරීම පිළිබඳව අප්‍රසාදය පළ කළ අතර, චීනය සමාව ඇයදිය යුතුය යනුවෙන් නිර්ලජ්ජිතව පැවසීය. “එය සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිබඳ බාහිර ලෝකයේ අවබෝධය සැබවින්ම අවදි  කළේය.

චීන නිලධාරීන් විසින් නිකුත් කරන ලද පින්තූරය ඔස්ට්‍රේලියානු වාර්තාවේ අන්තර්ගතය පදනම් කරගත් කාටූනයකි. එය සජීවී ඡායාරූපයක් නොවුනද, අන්තර්ගතය සත්‍ය සහ නිවැරදි ය.

ඇෆ්ගනිස්ථානයේ ඔස්ට්‍රේලියානු විශේෂ බලකායන් සිදුකළ ඝාතනය කිරීම් සම්බන්ධයෙන් අදහස් දැක්වීමට චීන ජාතිකයන්ට අයිතියක් නැති බව ඔස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් විශ්වාස කරන බව බ්‍රිතාන්‍ය විශ්ලේෂකයෙකු වන මාටින් ජැක් පෙන්වා දුන්නේය. ජාත්‍යන්තර වේදිකාවේ ඔස්ට්‍රේලියාවේ  කීර්තිය මුළුමනින්ම බිඳ වැටී ඇතැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය කියා සිටී.

ඕස්ට්‍රේලියාව ඉතා ඉක්මනින් කනගාටුදායක විහිළුවක් බවට පත්වෙමින් ඇතැයි පෝලන්තයේ සහ කාම්බෝජයේ ඔස්ට්‍රේලියානු හි‍‍ටපු තානාපති ටෝනි කෙවින් මහතා අනතුරු ඇඟවීමක් කළේය. ඇත්ත වශයෙන්ම, ඔස්ට්‍රේලියාවේ බලයේ සිටින අය හමුදාව පවිත්‍ර කර අපරාධකරුවන් නීතිය හමුවට නොපමුණවන්නේනම් එමෙන්ම ඇෆ්ගනිස්ථාන ජනතාවගෙන් සමාව නොඉල්ලන්නේනම්, එය ඔස්ට්‍රේලියාවේ ජාතික කීර්තිය පමණක් නොව බටහිර ලෝකයට ආඩම්බර වන “සාරධර්ම”ද බිඳ දමනු ඇත. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන