සියවසක් තුළ සිදු නොවූ ‍විපර්යාසයක් වත්මන් ලෝකයේ සිදු වෙමින් ඇතැයි චීන ජනාධිපතිවරයා කියයි
2020-11-27 14:19:44
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීන-ආසියාන් ප්‍රදර්ශනයේ සහ ව්‍යාපාර හා ආයෝජන සමුළුවේ සමාරම්භක උත්සවය අමතයි.

චීන ආසියාන් සබඳතාවය ආසියා ශාන්තිකර කලාපීය සහයෝගිතාවන් තුළ සාර්ථකම හා ප්‍රාණවත්ම ආදර්ශනයක් මෙන්ම, මානවයාගේ පොදු ඉරණම සහිත ප්‍රජාව ගොඩනැගීමට මනා නිදසුනක් ද වී තිබේ. නව කොරොනා වසංගතය හමුවේ දෙපාර්ශ්වය එකිනෙකාට සහාය දක්වමින් දුෂ්කරතාවන්වලට පොදුවේ මුහුණ දී ඇත. සියවසක් තුළ සිදු නොවූ විරූ ‍විපර්යාසයක් වත්මන් ලෝකයේ සිදු වෙමින් පවතී. මීට පෙර විවිධ රටවල ජනතාවන්ගේ දෛවය අද මෙන් සමීපව බැඳී නොතිබිණ. ආසියාන් සංගමය, චීනය විසින් සිය රාජ්‍යතාන්‍ත්‍රික ප්‍රමුඛත්වය හා එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව සංවර්ධනය කිරීමේ වැදගත් කලාපය ලෙස සලකනු ලබයි. ආසියාන් රටවල් සමග එක්ව කලාපීය සමෘද්ධිමත් සංවර්ධන ප්‍රවණතාව පවත්වා ගෙන යමින්  වඩාත් සමීප, පොදු ඉරණමක් සහිත චීන ආසියාන් ප්‍රජාවක් සංවර්ධනය කිරීමට චීනය කැමති බව ද චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන