චීන ජාතික ආදර්ශ කම්කරුවන්ට සහ ජ්‍යෙෂ්ඨ සේවකයින්ට ගෞරව නාම පිරිනැමීමේ උත්සවය බෙයිජිං නගරයේ දී
2020-11-25 11:28:11
Share with:

චීන ජාතික ආදර්ශ කම්කරුවන්ට සහ ජ්‍යෙෂ්ඨ සේවකයින්ට ගෞරව නාම පිරිනැමීමේ උත්සවය බෙයිජිං නගරයේ මහජන මහා ශාලාවේදී ඊයේ (24) උදෑසන පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊට සහභාගී වී වැදගත් දේශනයක් සිදු කළේය. හෙතෙම චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව,රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරමින් ගෞරව නාම ලබා ගත් ආදර්ශ කම්කරුවන්ට සහ ජ්‍යෙෂ්ඨ සේවකයින්ට උණුසුම් සුභ පැතුම් පිරිනැමීය.එමෙන් ම ප්‍රතිසංස්කරණයටත් විවෘතභාවයටත් සමාජවාදී නවීකරණ සංවර්ධනයටත් කැපී පෙනෙන ලෙස දායක වන චීන කම්කරු පන්තියටත් කම්කරුවන්ටත් හෙතෙම සිය අවංක ආචාරය පළ කොට ඇත.

චීන ජාතික ආදර්ශ කම්කරුවන්ට සහ ජ්‍යෙෂ්ඨ සේවකයින්ට ගෞරව නාම පිරිනැමීමේ උත්සවය බෙයිජිං නගරයේ දී

මහිමය හා සතුට අපේ කම්කරුවන්ට හිමි වන බවත් සමාජවාදය හා නව යුගය ගොඩනැඟෙන්නේ අරගලයෙන් බවත් ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.ආදර්ශ කම්කරුවන් යනු ජාතියේ ප්‍රභූන්, ජනතාවගේ ආදර්ශයන් සහ චීන මහජන සමූහාණ්ඩුවේ වීරයන් බව හෙතෙම පෙන්වා දුන්නේය.

චීන ජාතික ආදර්ශ කම්කරුවන්ට සහ ජ්‍යෙෂ්ඨ සේවකයින්ට ගෞරව නාම පිරිනැමීමේ උත්සවය බෙයිජිං නගරයේ දී

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන