ජී 20 කණ්ඩායම් නායකයින්ගේ රියාද් සමුළුවේ “මිහිකත ආරක්ෂාව ” රැස්වීමට චීන ජනාධිපතිවරයාගෙන් දේශනයක්
2020-11-23 10:19:40
Share with:

ජී 20 කණ්ඩායම් නායකයින්ගේ රියාද් සමුළුවේ “මිහිකත  ආරක්ෂාව ” රැස්වීමට  චීන ජනාධිපතිවරයාගෙන් දේශනයක්

ජී 20 කණ්ඩායම් නායකයින්ගේ රියාද් සමුළුවේ “මිහිකත  ආරක්ෂාව ”යන තේමාව  යටතේ පැවති රැස්වීමේදී  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දේශනයක් පවත්වයි

ඊයේ (22 ) ජී 20 නායකයින්ගේ රියාද් සමුළුව “මිහිකත  ආරක්ෂාව ” යන තේමාවෙන් රැස්වීමක් පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින් පිං එම අවස්ථාවේදී  දේශනයක් පවත්වමින්, මානව වර්ගයාගේ පොදු ඉරණමක් සහිත ප්‍රජාව යන සංකල්පය පිළිපදිමින් අත්වැල් බැඳගෙන දේශගුණික හා පරිසර ක්ෂේත්‍රයේ අභියෝගයන්ට මුහුණ දිය යුතුයැයි පෙන්වා දුන්නේය.  

ෂී ජින් පිං මහතා එහිදී දේශගුණික විපර්යාසයන්ට විසඳුම් සෙවීමේ උත්සාහයන් වැඩි කිරීම, පිරිසිදු ශක්තියට මාරුවීම ගැඹුරු කිරීම සහ සොබාදහමට ගරු කරන පරිසර පද්ධතියක් ගොඩනැගීම ඇතුළු තුන් වැදෑරුම් යෝජනාවක් ඉදිරිපත් කළේය.

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ මඟ පෙන්වීම යටතේ දේශගුණික විපර්යාසයන්ට පිළියම් යෙදීම සඳහා ජී 20 කණ්ඩායම අඛණ්ඩව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර පැරිස් ගිවිසුම පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කළ යුතුයැයි පෙන්වා දුන් ෂී ජින් පිං මහතා පශ්චාත් වසංගත යුගයේ දී අඩු කාබන් ශක්තියකට මාරුවීමට සහාය වන චීනය, සැමට තිරසාර බලශක්තිය යන ඉලක්කය සපුරා ගනු ඇති බව පැවසීය . ශක්තිමත් ගෝලීය පාරිසරික ආරක්ෂක බාධකයක් ගොඩනැගීම සඳහා ඉඩම් හායනය අවම කර, කොරල් පර ආරක්ෂා කරමින්  සමුද්‍ර ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීම සඳහා චීනය ජී 20 කණ්ඩායමට සහාය ලබාදෙනු ඇතැයි ෂී ජින් පිං මහතා සිය දේශනයේදී පොරොන්දු විය .

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන