ආසියා ශන්තිකර කලාපීය ආර්ථික සහ‍යෝගතාවන්හි ප්‍රබල ජීවයක් --- චීන ජනපති
2020-11-19 12:03:53
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (19) බෙයිජිං නගරයේ වීඩියෝ ආකාරයෙන් පැවති එපෙක් ප්‍රධාන විධායක නිලධාරීන් ගේ සංවාද සමුළුවට සහභාගී වී දේශනයක් කළේය.

නවෝත්පාදනය සංවර්ධනයට මඟ පෙන්වන ප්‍රථම එන්ජිම බවට පත් කරන චීනය, තාක්ෂණය, අධ්‍යාපනය, කර්මාන්ත හා මූල්‍ය කටයුතු සමීපව ඒකාබද්ධ කරන නවෝත්පාදන පද්ධතියක් නිර්මාණය කිරීමට කැපවී සිටින බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. එමෙන් ම චීන ආර්ථිකයේ දිගුකාලීන සංවර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ලබා දීම සඳහා චීනය සිය කාර්මික දාමයේ මට්ටම අඛණ්ඩව ඉහළ නංවා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ෂී ජින් පිං මහතා සඳහන් කළේය.

මෙම වසරේ ඒකපාර්ශ්වවාදය මෙන්ම ආරක්ෂණවාදය පුළුල් වීම හමුවේ චීනය විදේශයන්ට විවෘතභාවය නතර නොකරනවා පමණක් නොව විවෘතභාවය ඉදිරියට ගෙන යාමේ ප්‍රතිපත්තිමය පියවර යොදා ගෙන ඇතැයි චීන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

ආසියා ශන්තිකර කලාපයේ ඒ ඒ රටවල් අතර පුද්ගල හුවමාරු පහසු කරවන අතර භූගෝලීය පහසුකම් ද පවතින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය. ආසියා ශාන්තිකර කලාප සංවර්ධනය සහ කලාපීය ආර්ථික සහයෝගතා ගැඹුරු කර ගැනීමෙන් ප්‍රබල ජීවයක් පෙන්නුම් කරනු ඇතැයි විශ්වාස කරන බව හෙතෙම අද පැවති එපෙක් ප්‍රධාන විධායක නිලධාරීන් ගේ සංවාද සමුළුවේදී අවධාරණය කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන