වසංගත පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිලිවෙළට කොළඹ වරාය නගරයේ උපරිම සහයෝගය
2020-11-17 12:21:29
Share with:

වසංගත පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිලිවෙළට කොළඹ වරාය නගරයේ උපරිම සහයෝගය

නැවතත් හිස එසවූ කොරොනා දෙවෙනි රැල්ලෙන් ශ්‍රී ලංකාවම ආරක්ෂා කිරීමේ වගකීම වෙනුවෙන් කොළඹ වරාය නගරය පසුගියදා මිලියන 04ක් වටිනා සෞඛ්‍යාරක්ෂිත මුඛ ආවරණ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට, ශ්‍රී ජයවර්ධනපුර රෝහලට සහ ශ්‍රී ලංකා රේගුවට ලබා දුන්නේය.

මෙරට තුල කොරොනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.

ආර්ථික සංවර්ධන සහ දිළිඳුකම තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘති සමාගම වෙතින් කරන ලද ඉල්ලීමක් අනුව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. ශ්‍රී ලංකා රජයට තවත් ඉතා වැදගත් අවශ්‍යතාවයක් වන පී සී ආර් පරීක්ෂණ කට්ටල ලබා දෙන ලෙසද බැසිල් රාජපක්ෂ මහතා වරාය නගර ව්‍යාපෘති සමාගමෙන් සිදු කරනු ලද ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ව්‍යාපෘතියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ, එම ඉල්ලීම ද හැකි උපරිම ඉක්මනින් ඉටු කර දීමට උත්සාහ කරන බවයි.

ශ්‍රී ලංකාවේ කොරොනා දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමග වරාය නගර ව්‍යාපෘතිය විසින් තවත් පරිත්‍යාග කිහිපයක්ම සිදු කරන ලදී . ශ්‍රී ජයවර්ධනපුර රෝහලට මුඛ ආවරණ දස දහසක් පරිත්‍යාග කිරීම සහ ශ්‍රී ලංකා රේගුවට මුඛ ආවරණ දෙදහසක් පරිත්‍යාග කිරීම ද මීට ඇතුළත්ය. මීට පෙර අප්‍රේල් මාසයේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන හයක් වටිනා භාණ්ඩ කොළඹ මැනිං වෙළඳ සංකීර්ණයට, ශ්‍රී ලංකා පොලිසියට, කළුතර නාගොඩ රෝහලට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙන ලදී.

කොරොනා වසංගත තත්වයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා රටේ සියළුම දෙනා එක්ව වගකීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් ය. මෙම අර්බුදය පාලනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට දක්වන සහයෝගයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සිටින සියළුම දෙනා එක්ව  කළ යුත්තේ, මෙම අවස්ථාවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ස්වකීය ආරක්ෂාව සහ සමාජ දුරස්ථභාව අනුගමනය කරමින් වගකීම් සහගතව කටයුතු කිරීමය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන