කොවිඩ්-19 වසංගතය මැඩලීමෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වනු ඇති බවට අපේක්ෂාවක්
2020-11-09 16:52:20
Share with:

"මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2020 සුවිශේෂ සිදුවීම් සහ 2021 අපේක්ෂා" යන ප්‍රකාශනය ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා නිකුත් කළා.

මෙම වසරේ වාර්තාව ප්‍රකාශයට පත්වූණේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් විවිධාකාර සමාජ ආර්ථික අභියෝග සහ අවිනිශ්චිතතාවන්ට ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින තීරණාත්මක සංධිස්ථානයක යි.

මෙම ප්‍රකාශනයට අනුව, මෑත වසරවල දී විභවතාවයට වඩා අඩු වර්ධනයක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා ආර්ථිකය, කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය මධ්‍යයේ නව අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව, රට තුළ කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වීම සහ සමාජ හා ආර්ථික කටයුතු සීමා කිරීම, ගෝලීය ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීම සහ රට තුළ පැවති අහිතකර කාලගුණික තත්ත්වයන්හි සමස්ත බලපෑම පිළිබිඹු කරමින්, ආර්ථීකය, පෙර වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව, 2020 වසරේ පළමු කාර්තුව තුළ සියයට 1.6කින් සංකෝචනය වුණා. වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ආර්ථිකයට ඇති වූ අවහිරතාවන්ගේ සත්‍ය ස්වභාවය සහ මෙම වසර තුළ දී අලුතින් එකතු වූ ක්‍රියාකාරකම් මෙන් ම, නව ක්‍රමවේද ග්‍රහණය කර ගැනීමේ ඇති අපහසුතාවය ද සඳහන් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් දෙවන කාර්තුව සඳහා දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තු නිකුත් කිරීම පමා කර තිබෙනවා. කෙසේ වෙතත්, 2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී රට තුළ කොවිඩ්-19 ව්‍යාප්තිය නැවත ඉහළ යෑම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ගනු ලැබූ මැඩලීමේ ක්‍රියාමාර්ගවලට පෙරාතුව නිකුත් කර ඇති දත්තවලට අනුව, ආර්ථිකයේ අංශ රාශියක ක්‍රියාකාරකම් වේගවත්ව යථා තත්ත්වයට පත්වීමේ ස්වභාවයක් පෙන්නුම් කෙරෙනවා.

ඉදිරි කාලය තුළ දේශීය ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ සහ නැවත නැඟී සිටීමේ ප්‍රමාණය සහ එහි වේගය තීරණය කිරීමෙහිලා, දේශීය හා ගෝලීය වශයෙන් කොවිඩ්-19 වසංගතය මැඩලීමේ සාර්ථකත්වය ඉතා තීරණාත්මකයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන