චීනය අලුත් සංවර්ධන පද්ධතියක් බිහි කිරීම විදේශයන්ට විවෘතභාවය අවම කිරීමක් නොවේ
2020-11-03 09:21:35
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ 5 වැනි පූර්ණ සැසිය පසුගිය දා බෙයිජිංහිදී පැවැත්වූණා. චීනය ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය පිළිබඳ 14 වැනි පස් අවුරුදු සැළැස්ම සහ 2035 වසරේ දිගුකාලීන ඉලක්කය සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඉදිරිපත් ‍කළ යෝජනා එම අවස්ථාවේදී එළි දැක්වුණා. එම යෝජනා යුගයේ අලුත් වර්ධනයන් සහ ජනතාවගේ අපේක්ෂාවන් ද පිළිබිඹු  ක‍රනවා. එය  එළඹෙන වසර පහ තුළ සහ ඊට වඩා දීර්ඝ කාලයේ චීන ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වූ ක්‍රියාකාරී මාර්ගෝපදේශයක් ලෙසට සැලකෙනවා.

ඒ වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රථම මාධ්‍ය හමුව පසුගිය දා පැවැත්වුණා. චීන කොමියුනිසට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ 5 වැනි පූර්ණ සැසියේ උදා වූ චින්තනය එම අවස්ථාවේදී සවිස්තර තොරතුරු හඳුන්වා දුන්නා. චීනයේ 14 වැනි පස් අවුරුදු සැළසුම් කාලයේ උපදෙස් චින්තනය මෙන්ම මූලධර්මය පිළිබඳව පැවසීමේදී, විශේෂයෙන් ම එම යෝජනාවන් ගෙන් අවධානය යොමු කර ඇත්තේ, දේශීය මහ චක්‍ර ප්‍රධාන කර ගෙන දෙස් විදෙස් ද්විත්ව චක්‍ර අන්‍යෝන්‍ය වශයෙන් යහපත් ලෙස ක්‍රියාත්මක වන අලුත් පද්ධතියක් වේගයෙන් බිහි කිරීම වෙත බවයි.  එය චීන කොමියුනිස්ට් පක්ෂය ආර්ථික සංවර්ධන පිළිබඳ වෛෂයික නීතිය නිවැරදිව  තේරුම් කර ගෙන ප්‍රයෝගිකව භාවිත කිරීමක් බව චීන මධ්‍යම මූල්‍ය හා ආර්ථික කොමිසමේ නිලධාරි හන් වෙන් ස්යු මහතා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

දේශීය අවශ්‍යතාව පුළුල් කර ගැනීම උපායමාර්ගික පදනමක් ලෙසට බිහි කළ යුතු අතර ජන ආර්ථික චක්‍රය විධිමත් කරමින් නිෂ්පාදනයේ සිට බෙදා හැරීම, ප්‍රවාහන සහ පාරිභෝජන දක්වා පවතින විවිධ ක්‍රියාමාර්ග සඳහා බාධා අහෝසි කර ගත යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නා.

මීට අමතරව, ජාත්‍යන්තර චක්‍ර වලට එක් වීම ද ඉතා වැදගත් බව හෙතෙම අවධාරණය කළා.

වඩාත් ඉහළ මට්ටමේ සිට විදේශයන්ට විවෘතභාවය ක්‍රියාත්මක කළ යුතු අතර විදේශ ප්‍රාග්ධනය චීන වෙළඳ පොළට ප්‍රවේශ වීමේ අවසර ලිහිල් කළ යුතු බව ද හෙතෙම පැවසුවා. දේශීය වෙළඳාම හා විදේශ වෙළඳාම යන දෙකම මනා ලෙස ප්‍රයෝජනයට ගත යුතු බවත් ඒ ඒ රටවල් අන්‍යෝන්‍ය යහපත් හා පොදු ජයග්‍රහණ මෙන්ම සංමෘද්ධිමත් සංවර්ධනයක් ඉදිරියට ගෙන යා යුතු බවත් හන් වෙන් ස්යු මහතා මධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශ කළා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන