තුන් වැනි චීන ජාත්‍යන්තර ආනයන වෙළඳ ප්‍රදර්ශනය නොවැම්බර් 5 වැනිදා සිට 10 වැනිදා දක්වා ෂන්ග්හයි නගරයේ දී
2020-10-27 14:04:32
Share with:

තුන් වැනි චීන ජාත්‍යන්තර ආනයන වෙළඳ ප්‍රදර්ශනය එළඹෙන නොවැම්බර් මාසයේ 5 වැනිදා සිට 10 වැනිදා දක්වා ෂන්ග්හයි නගරයේ පැවැත්වීමට නියමිතයි. චීන රේගු බදු මහ පරිපාලනය පසුගිය දා ප්‍රකාශ කළේ ප්‍රදර්ශනයේදී එළි දැක්වෙන වෙළඳ භාණ්ඩ වෙනුවෙන් සහනදායී ප්‍රතිපත්ති පද්ධතියක් සකස් කර ඇති අතර කඩදාසි ලියාපදිංචි ක්‍රියාමාර්ගයෙන් තොරව මාර්ගගත ඉල්ලුම් ක්‍රම මගින් චීනයට ප්‍රවේශ වීමේ අවසර ලබා ගත හැකි බවයි. දැනට ඇ. ඩො. මිලියන 8.7ක වටිනාකමෙන් යුත් ප්‍රදර්ශන නිෂ්පාදිතයන් චීනයට ප්‍රවේශ වී තිබෙනවා.

ආනයන වෙළඳ ප්‍රදර්ශනය මනාව පැවැත්වීම සහතික කර ගැනීම සඳහා රේගු බදු මහ පරිපාලනය විසින් මෙතෙක් පැවති ප්‍රදර්ශන දෙකෙන් ලැබුණු අත්දැකීම් සමාලෝචනය කර නිර්මාණශීලී පියවර සලසා ඇති බව ද චීන රේගු බදු මහ පරිපාලන අධිකාරිය විස්තර කරනවා. 

කොරොනා මැඩපැවැත්වීම සඳහා වූ ඉල්ලීමට අනුව, චීන වෙළඳ පොළට ප්‍රවේශ වීමට අවසර ලබා නොමැති සත්ව හා ශාක නිෂ්පාදිතයන් වෙනුවෙන් විශේෂ ප්‍රදර්ශන අවසර ක්‍රමවේදයක් සැළසුම් කර තිබෙනවා. කඩදාසි ලියාපදිංචි ‍ලේඛන වලින් තොරව චීනයේ රේගු බදු අවසර ලබා ගැනීමේ පහසුකම් ද මෙවර ප්‍රදර්ශයේ දී ප්‍රථමයෙන් ම ක්‍රියාත්මක කර තිබෙනවා. කොරොනා වසංගත කාලයේ මාර්ගගත ලෙස පැවැත්වූ ප්‍රදර්ශනය හා වෙනස් වන අතර, චීන ජාත්‍යන්තර ආනයන වෙළඳ ප්‍රදර්ශනය ප්‍රධාන වශයෙන් මාර්ගගත මෙන්ම මාර්ගගත නොවන ආකාරයේ ද එකතුවක් ලෙස පැවැත්වීමට නියමිතයි. එහි ප්‍රදර්ශන ඉඩ ප්‍රමාණය පසුගිය ආනයන වෙළඳ ප්‍රදර්ශනයට වඩා විශාල යි. ප්‍රදර්ශන ශාලාව ද පෙරට වඩා ඵලදායි ලෙස ස්ථාපිත කර තිබෙනවා. මෙවර ප්‍රදර්ශනය හරහා ඒ ඒ රටවල් ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු, ජාත්‍යන්තර ආයෝජන හා සංස්කෘතික හුවමාරු වෙනුවෙන් අලුත් අවස්ථා නිර්මාණය කර දීමට අපේක්ෂා කෙරෙනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන