ශ්‍රී ලංකාවේ ප්‍රතිකාර ලැබූ කොරොනා ආසාදිතයින්ගේ සුව වීමේ අනුපාතය, ගෝලීය මට්ටමට වඩා ඉහල යයි
2020-07-30 15:36:32
Share with:

මාස ගණනාවක් ගත වී තිබුණත් නව කොරොනා වෛරසය තවමත් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එහෙත් පසුගියදා වාර්තා වූ පුවතක් අපිට සර්වශුබවාදී ආරංචියක් වුණා. ඒ ශ්‍රී ලංකාව ගැන. දිවයිනේ ප්‍රතිකාර ලැබූ කොරොනා ආසාදිතයින්ගේ සුව වීමේ අනුපාතය, ගෝලීය මට්ටමට වඩා ඉහල බව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශය පසුගියදා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ නව කොරොනා ආසාදිතයින්ගේ සුව වීමේ අනුපාතය සියයට 75.7ක් වන අතර ලෝකයේ එම සාමාන්‍ය අනුපාතය සියයට 61.2ක්. ඒ විතරක් නෙමෙයි, ඉන්දියාවේ හා ඇමරිකාවේ‍ එම අනුපාතයන් සැලකීමේදී, ශ්‍රී ලංකාවේ තත්ත්වය වඩාත් යහපත් බව දක්නට ලැබෙනවා. ඉන්දියාවේ අනුපාතය සියයට 63.9ක්. ලොව බලවත් රාජ්‍යයක් වන ඇමරිකාවේ එම අනුපාතය සියයට 47.81 පමණයි.

මේ අතර පෙබරවාරි මාසයේ 18 වැනිදා එම වෛරසය රට පුරා මූලික වශයෙන් ව්‍යාප්ත වීමේ සිට මෑත කාලය දක්වා, රජයේ ප්‍රමුඛත්වයෙන් පීසීආර් පරීක්ෂණ 155000ක් පමණ සිදු කර තිබෙනවා. ඒ සඳහා ඇ.ඩො. මිලියන 6.7ක් රජය විසින් වැය කරනු ලැබුවා. දැනට පරීක්ෂණයට ලක් වූවන්ගේ ධනාත්මක අනුපාතය සියයට 1.8ක්. පරීක්ෂණය ආරම්භ කළ මුල් කාලයේ වාර්තා වූ සියයට 3ක මට්ටම හා සැසඳීමේදී, මෙම පහළ යාම සුබවාදී සංසිද්ධියක් බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

වසංගතය පාලනය කිරීමේදී ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණය, රජය දැක්වූ අධික සැලකිල්ල, ඒ සඳහා යොමු කළ පරිශ්‍රමය හා ආයෝජනය හා වෙන් කළ නොහැකි ය. ඇඳිරි නීතිය හා ගුවන්තොටුපල වසා දැමීම ඇතුළු පියවර කාලෝචිත හා දැඩිව ක්‍රියාත්මක කිරීම ද අගය කළ යුතුයි. එහෙත් මේ සියල්ලට වඩා වැදගත් වන්නේ, ජනතාවගේ සමගිය හා සහයෝගිතාව බව පැහැදිලියි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන